මැදයාය ඉතිහාසයෙන් බිදක්..............
මැදයාය ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නුවණැස විවර කරමින් බ/මහි/මැදයාය විද්‍යාලය 1966 මැයි මස 12 වැනිදා ආරම්භ විය.
විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති වූයේ ඒ.ඩබ්.පෙරේරා මහතාය. ඒ මහතා සමග සේවයට පැමිණි එකම ගුරු භවතා වූයේ ජේ. රණවක මහතාය. 1 ශ්‍රේණියේ සිට 03 වන ශ්‍රේණිය දක්වා පංති ආරම්භ කළ අතර පංති තුනෙහි ශිෂ්‍යයන් 115 ක් සිටි බවට ඉතිහාසයේ සදහන් වේ. 1966 වසර අවසන් වන තෙක් අලුතින් විද්‍යාලයට ගුරුවරු සේවයට පැමිණියේ නැති වුණත් ශිෂ්‍ය සංඛ්‍යාව 142 ක් දක්වා වර්ධනය විය.
1967 වසරේ මුල්ම ගුරු මහත්මිය ලෙස ආර්.එම්.බන්ඩාර මැණිකා මහත්මිය සේවයට පැමිණියාය. 1966 දී පංති තුනකින් ඇරඹි විද්‍යාලය 1968 දී වසරේදී 04 වසරත් 1969 දී 05 වසරත් 1970 දී 06 වසරත් 1971 වසරේදී 07 වසරත් 1972 දී 08 වසරත් 1973 වසරේදී 09 වසරත් 1974 වසරේදී 10 වසරත් 1976 දී 11 වසරත් ආරම්භ කළ අතර අද වන විටද පාසල තුළ 1 සිට 11 ශ්‍රේණි පවතී.
වර්තමානයේ පාසලේ මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 158 කි. කේ.එච්.එම්.පී.එස්.කුමාරී මහත්මිය වර්තමානයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන අතර ගුරැ මහත්ම මහත්මීන් 16 දෙනෙක් සේවය කරති. අනධ්‍යයන කාර්ය මන්ඩලය 04 දෙනෙකි. පාසලේ ශාලා 04 ක් සහ ගුරු නිවාස 02 ක් ඇත.
මහියංගණ අධ්‍යාපන කලාපය තුළත් ඌව පළාත තුළත් අධ්‍යාපනික ප්‍රතිපල තුලින් ද විෂය සමගාමි හා විෂය භාහිර ක්‍රියාකාරකම් පිළිබද සමස්ථ ලංකා මට්ටමේ විවිධ ජයග්‍රහණ අත් කරගෙන ඇති මෙම විද්‍යාලය මහියංගණ කලාපයේ කැපී පෙනෙන විද්‍යාලයකි.

|
ආරම්භ කළ වර්ෂය |
1966 මැය් 12 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
115 |
|
මුල් ගුරුතුමාගේ නම |
ජේ. රණවක මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඒ.ඩබ්.පෙරේරා මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මැදයාය කනිටු විදුහල |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
|
|
පාසල පැවැත්වූ ස්ථානය |
මැදයාය 16 කනුව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1966 මැයි |