පාසල් ගීතය
සැරදේවා අප විදුහල් මෑණි
වැජඹ දිගුකල් දෙරණේ
වීර තේජසින් ජය ගොස නගනට
දිරිය විදාලු මව්නි අපේ....//
ජය ගොස නගනට දිරිය විදාලු
සහසක් වූ ණැන නුවණ සදාලු
යහගුණ වඩනට විරිය වඩාලු
මැදයායේ විදුහල් මෑණි....//
සැරදේවා....//
සහසක් වූ මල් ලොවට තිලිණ කළ
මැදයායේ විදුහල් මෑණි
ගයමින තුටිනා ඔබ ගුණ මහිමා
සිහිකර සැමදා තුටු සිතිනේ....//